දේවහූව ගොවි ජනතාවට ජලය

ලෝක බැංකු ණය ආධාර යටතේ වාරිමාර්ග අමාත්‍යාංශය මගින් සිදු කෙරෙන ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය මේ දිනවල ක්‍රියාත්මකයි. ඒ යටතේ මාතලේ, ගලේවෙල දේවහූව ගොවිජනතාවට ජලය ලබාදීම සඳහා ඇලවේලි සංවර්ධනය සාර්ථකව අවසන් කර තිබෙනවා.

දේවහූව ජලාශය අක්කර අඩි 11,000 ක ධාරිතාවයකින් සමන්විතයි. ජලාශයේ ප්‍රධාන ඇල මාර්ගයේ දුර කිලෝමීටර් 16 ක්. දේවහූව ව්‍යාපා‍රයේ ගොවි පවුල් 1800 ක් ජීවත්වන අතර, ඔවුන් අක්කර 3000 ක පමණ වී සහ අමතර බෝග වගාව සිදුකරනු ලබනවා. දේවහූව ජලාශයෙන් ගොවීන්ට ජලය නිකුත් කිරීමේදි ගැටලු රැසක් පැවතුණා. ඉන් ප්‍රධාන කරුණු දෙකක් වූයේ ජලය නිකුත් කරන ඇල මාර්ග කාන්දුවීම හා ජලය නිකුත් කිරීමට වැඩි කාලයක් ගතවීමයි. ඇල මාර්ග ප්‍රතිසංස්කරණය සමඟ වගාවන්ට ජලය නිකුත් කිරීමට දිනකට ගතවන කාලය පැය 4 කට අඩුවී තිබෙනවා. එමෙන්ම ජල කළමනාකරණය හේතුවෙන් ගොවීන්ට කන්න තුනක් වගා කිරීමටද හැකිවි තිබෙනවා.