ජීවිත 2ක් බේරාගත් පොලිස් විරුවෝ

උස්සන්ගොඩ වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබෙනවා.

ඊයේ (28) දින සවස්කාලයේදී මෙම අනතුර සිදුව ඇත.

තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 55986 අනුර, පොලිස් කොස්තාපල් 99168 දුලාජ් හා පොලිස් කොස්තාපල්104435 සරත්චන්ද්‍ර යන නිලධාරින් විසින් එම පුද්ගලයින් දෙදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු භාරකරුවන් වෙත භාරදී ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 19 හා 34 වයස්වල පසු වන හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.