මහනුවර හන්තාන කන්ද තරණය කිරීමට ගිය වයස අවුරුදු 12ක පාසල් ගැහැණු ළමයෙකු ඇතුළු 8 දෙනෙකුගෙන් සමන්විත තරුණ කණ්ඩායමක් රාත්‍රියක් පුරා එහි අතරමංව සිටියදි අද අලුයම සොයා ගැනුණා.
ඒ පොලිසිය හා යුද හමුදා කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකදි.
තලාතුඔය රටේ මුල්ල ප්‍රදේශයේ ඥාතීන් හා මිතුරන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම වයස අවුරුදු 12,15,22,24 යන වයස්වල පසුවන්නන් බව තලාතුඔය පොලිසිය පවසනවා.
සතිඅන්ත නිවාඩුව සමඟ මෙම පිරිස සෙනසුරාදා උදෑසන හන්තාන කන්ද තරණය කර ඇති අතර එදින සවස 6 .15 පමණ නැවත පහළට ඒමට පිටත්ව තිබෙනවා.
මේ දිනවල පවතින වර්ෂාව හා අධික මීදුම සමඟ මොවුන්ට මාර්ග සොයා ගැනීමට නොහැකීවී සිටියදී ඔවුන් ඒ බව සිය නිවසාවලට දැනුම් දී තිබෙනවා.
රාත්‍රි 2ට පමණ මෙම පිරිස ගැවසෙන ඉසව්ව සොයාගෙන ඇති අතර අලුයම 4ට ඔවුන් මුදා ගැනූණා.
අනතුරුව ගිලන් රථයක් මගින් ඔවුන් පේරාදෙනිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
