ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ අරමුදල් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සදහා වන සිව් වැනි සමාලෝචනය අනුමත කර තිබෙනවා.
එමගින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 344 ක පමණ මූල්‍යකරණයක් සදහා අනුමැතිය ලැබී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකම විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් ඉවෑන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටිනවා.
මෙරට මුල්‍ය පාලනය ශක්තිමත් කිරීම, දූෂණ අවදානම් අවම කිරීම සහ වර්ධනයට නැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩි දියුණු කිරීම මගින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය කල් පවතින ලෙස යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට මෙම වැඩසටහන සහාය වනවා බවයි මහතාගේ පැපජෝජියෝ නිවේදනයේ සදහන්.
මෙම මුල්‍ය සහය මගින් අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරමින් මූල්‍ය හා ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම, සහ මිල හා මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම වැඩසටහන සහාය දක්වන බවයි IMF පවසන්නේ.
