
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (2) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
දිවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ අතර චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩක මිලාන් රත්නායක කැඳවා තිබේ.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනූ 217වන ක්‍රීඩකයාය.
එමෙන්ම නිමාවූ අයි. පී. එල්. තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක් වූ එශාන් මාලිංගද මෙම තරගයට කැඳවා ඇත.
දෙරට අතර එක්දින තරග 1986 වසරේ සිට පැවැත්වෙන අතර, ඉන් අද පැවැත්වෙන්නේ 58වන තරගයයි.
ඉන් තරග 43කම ජය ශ්‍රී ලංකාව තහවුරුකරගෙන සිටින අතර, බංග්ලාදේශය ජයගෙන ඇත්තේ තරග 12ක් පමණි.