
ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ රසායනික කම්හලේ පෙරේදා සිදුවූ පිපිරීමෙන් මියගිය ගණන 44 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හයිද්‍රබාද් නුවර පෂමිලාරම් නමැති ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලක පෙරේදා උදෑසන සිදුවූ එම පිපිරීමෙන් තවත් පුද්ගලයන් 27 දෙනකු අතුරුදන්වී ඇති අතර, පිපිරීමත් සමඟ විශාල ගිනිජාලාවක් පැතිරී ගිය බැවින් අතුරුදන්වූ සේවකයන් ද ඊට මැදිවූ බවට අනුමාන කර තිබේ. හයිද්‍රාබාද් නුවර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර, තුවාල ලැබූ 15 දෙනකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. රෝහල්ගත කළ සේවකයන්ගෙන් වැඩි පිරිසකගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ. පිපිරීම සිදුවන මොහොතේ එම කම්හලේ සේවකයන් 66 දෙනකු රැඳී සිටි බව මීට පෙර වාර්තා වූවද, සියයකට ආසන්න සේවකයන් පිරිසක් එහි සිටි බවට පසුව වාර්තා වී තිබේ.