
පොල්ගස් හඳුන්වනු ලබන තවත් නමක් වන්නේ කප්රුක යන්නයි. පොල් ගසේ ගෙඩියේ සිට පොල් අත්ත, හනස්ස දක්වා ප්‍රයෝජනයට ගනියි. පොල් ගෙඩියේ වතුර, මදය පමණක් නොව පොල් කට්ටද අපට නිසි ප්‍රයෝජනවලට මෙන්ම විවිධ කර්මාන්ත සඳහාද යොදා ගනිති. එහෙත් අප මෙම මහඟු සම්පතෙන් නිසි ප්‍රයෝජන ගන්නවාද යන්න සලකා බැලිය යුතුය. එසේ සලකා බලන කල තහවුරු වන ප්‍රමුඛ කරුණක් බවට පත්ව තිබෙන්නේ පොල්කටුවලින් අප සම්පූර්ණ ප්‍රයෝජනයට ගන්නේ කොටසකි. එහෙත් ඒ ඉවතලන පොල්කටුවලින් නිසි ප්‍රයෝජන ගැනීම කාලීන කරුණකි. ඒ කාලීන කරුණ ඉටු කිරීම මඟින් අපට කප්රුක ප්‍රයෝජන අතිමහත් කර ගැනීමට පුළුවන. ඒ පිළිබඳ විමසා බැලීමේදී තහවුරු වන කරුණු මෙසේය.
මෙරට සමස්ත පොල් කටු ප්‍රමාණයෙන් 70% – 75% පමණ කර්මාන්ත සඳහා දැනට යොදා ගන්නා නමුත් තවත් 25% – 30% ක පමණ පොල් කටු ප්‍රමාණයක් ප්‍රයෝජනයට නොගෙන අපතේ යයි. එය අතිමහත් නාස්තියකි.
පොල් කටු භාවිතයෙන් සිදු කරනු ලබන පොල් කටු අඟුරු සහ තවදුරටත් අගය එක් කළ සක්‍රිය කාබන් කර්මාන්ත වඩා ඵලදායී හා ලාභදායී කර්මාන්ත වන අතර අපනයන වෙළෙඳපොළ තුළද ඉහළ ඉල්ලුමක් සහ ඉහළ මිලක් ලැබෙන නිෂ්පාදන කර්මාන්ත වේ.
ඒ බැවින් නිවෙස් ආශ්‍රිතව අපතේ යන පොල් කටු, පොල් කටු එකතු කරන්නන් හරහා පොල් කටු ආශ්‍රිත කර්මාන්ත වෙත ලබා දීමෙන් ඔබට ආදායමක් මෙන්ම රටට ඩොලර් ආදායමක් උපදවා දිය හැකිය.