ෂාරුක්ගේ ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් නිවේදනය කරයි

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මෙරටට පැමිණීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, අගෝස්තු 02 වැනිදා පැවැත්වෙන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඔහු සහභාගීවීමට නියමිතය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතිය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබන විශාලතම ආයෝජනය ලෙසද සැලකේ.

”සූදානම් වන්න, දකුණු ආසියාව! බොලිවුඩයේ අසහාය රජු, ෂාරුක් ඛාන්, 2025 අගෝස්තු 2 වන දින, අපේක්‍ෂා කරන ලද City of Dreams Sri Lanka විවෘත කිරීමේ උත්සවයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින්, ශ්‍රී ලංකාවට දර්ශනීය සංචාරයක් කිරීමට සූදානම් වේ.” ලෙස ඔවුන් නිවේදනය කර තිබේ.