
බණ්ඩාරගම රයිගම කොතලාවල රාජමහා විහාරාධිපතිව වැඩ විසූ කොතලාවල විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවුරුදු 81 ක් ආයු වළඳා ඊයේ (1) සවස් වරුවේ අපවත් වූහ
පැය 24 ක් යාමට මත්තෙන් තම අවසන් කටයුතු වල ආගමික වතාවන් සිදු කර කොළඹ වෛද්‍ය විද්‍යාලයට දේහය භාර දෙන ලෙස එම හිමියන්ගේ අන්තිම කැමැත්ත මත අද (2) විහාරස්ථාන ධර්මශාලාවේදී පානදුර තොටමුන සහිත රයිගම් සල්පිටි දෙකෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලගල සුමනරතන කෝට්ටේ කල්‍යාණි ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ,කිඳෙල් පිටිය ශ්‍රී චේතියාරාම මහා විහාරාධිපති මකුරුප්පේ සෝමාලංකාර, කලවානේ ආනන්ද, , ගුණානන්ද නායක , ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමිවරුන් ඇතුළු
සියයකට අධික මහා සංඝයා වහන්සේ වැඩමකර කොතලාවල විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය වෙනුවෙන් ආගමික වතාවන් සිදු කළහ
අනතුරුව අපවත් වූ කොතලාවල විමල හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන ගණානන්ද පිරිවෙනේ හිටපු පරිවේණාධිපති වරකාගොඩ සෝරත හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ලා විමල හිමියන්ගේ ශ්‍රී දේහය ධර්ම ශාලාවේ දොරටුව අභිසදී විමල හිමියන්ගේ ඥාතීන් වෙත භාරදීමෙන් අනතුරුව හේවිසි හොරණෑ මධ්‍යයේ හොරණ පානදුර මාර්ගය කරා කරමතින් රැගෙන ගොස් කොළඹ වෛද්‍ය විද්‍යාලය වෙත රැගෙන යාම සඳහා අලංකාර ලෙස සකස් සරසා අවමංගල්‍යය රථය වෙත තැන්පත් කෙරිණි.