පොත්ත නොව; මදය වැද­ගත් !

අද අපගේ විම­සු­මට ලක් වන්නේ “හව්හ­රණ” නමින් 2024 දී පළ වූ නව­ක­තා­වකි. එය දයා­නන්ද තිරි­මාන්න ලේඛ­ක­යාගේ ප්‍රථම නව­ක­තාව ලෙස ද සඳ­හන් ය. මේ ප්‍රබ­න්ධය උඩින් – පල්ලෙන් කිය­වන කෙනකු එය සාම්ප්‍ර­දා­යික – හම්පඩ – නව­ක­තා­වක් සේ සලකා ඉව­ත­ල­න්නට පුළු­වන. එහි නව­ක­තාවේ නූතන විලාස, අලුත් මෝස්තර හා නව ප්‍රව­ණතා නැතැ’යි චෝදනා කර­න්න­ටත් පුළු­වන. එහෙත් මේ කතාවේ මදය හෙවත් අන්ත­ර්ග­තය ගත­හොත්; අති­ශය වැද­ගත් සමාජ සංවා­ද­ය­කට අවශ්‍ය සාධක එහි පවතී. එය ශ්‍රී ලාංකේය සමාජ ක්‍රම විකා­ශ­යට ආරම්භ මානව ක්‍රියා­ව­ලි­යක් සේ හඳුන්වා දිය හැකි ය.

කතා­වට පාදක වන්නේ නිද­හ­සින් පසු අපේ රටේ සමාජ පරි­ව­ර්ත­න­යට හේතු – සාධක වූ සිදු­වීම් මාලා­වකි. වඩාත් නිශ්චි­තව කිව­හොත් ඉහත සඳ­හන් සමාජ පරි­ව­ර්ත­න­යට බල­පෑ­ම්කාරි වූ විශේෂ චරිත හා සුවි­ශේෂී සිදු­වීම් මෙහිලා නිරූ­ප­ණය කෙරේ. කතු­ව­රයා ඒ බව සඳ­හන් කරන්නේ මෙසේ ය.

“නිද­හ­සින් පසු ජන සමා­ජ­යෙහි ඇති වූ යම් – යම් වෙන­ස්කම් තුළින් ගමත් එහි ජන­යාගේ ජීවි­තත් වෙනස් වූ ආකා­රය, ජන­තා­වගේ සිතුම් – පැතුම් හා ආක­ල්ප­ව­ලට වූ පරි­ව­ර්ත­නය පිළි­බඳ මා සිත තුළ යම් පෙරැ­ළි­යක් ඇති කළේය. ”

“එම පරි­ව­ර්ත­නය රට තුළ ද යම් පෙරැ­ළි­යක් ඇති කළේය. ගමක් හා එහි ජන­තා­වගේ වෙන­ස්වීම් ගැනත් නව­ක­තා­වක් රචනා කළ යුතු යැයි මා සිත තුළ පෙරැළි කර­න්නට විය…. ”

(කතු­ව­ර­යාගේ සට­හන)

“හව්හ­රණ” නව­ක­තාව අපගේ විඳීම් පරා­සය අන්ත­ර්ජා­තික අත්දැ­කීම් වෙත යොමු කරන්නේ යැයි කිව­හොත් එය පුරා­ජේ­රු­වක් නොවේ. යට­ත්වි­ජි­ත­වා­ද­යට හසු වූ ප්‍රධාන කලාප තුනක් අප සිහි­යට නැඟේ. අප්‍රි­කානු මහා­ද්වී­පය, ආසි­යානු මහා­ද්වී­පය හා ලතින් අමෙ­රි­කානු කලා­පය (දකුණු අමෙ­රි­කාව) ලෙසින් එම කලාප හඳු­නා­ගත හැකිය. අප්‍රි­කානු කලා­පය බහුල ලෙසින් යටත් කර ගත්තේ බ්‍රිතා­න්‍යය යැයි කිව හැකිය. ඉංග්‍රී­සි­කා­ර­යාගේ පාල­න­යෙන් පසු ස්වදේ­ශික සමාජ කණ්ඩා­යම් සිය ආර්ථික සමෘ­ද්ධිය හා දේශ­පා­ලන නිද­හස උදෙසා සංවි­ධා­න­ගත වූ ආකා­රය 50 – 60 – 70 දස­ක­වල අප්‍රි­කානු සාහි­ත්‍යයේ දක්නට ලැබුණු විශේෂ ප්‍රව­ණ­තා­වකි.

මහා­චාර්ය චිනුවා අචෙබෙ යනු අප්‍රි­කානු ප්‍රබන්ධ කතාවේ දැවැ­න්ත­යෙකි. ඔහු අප්‍රි­කානු සාහි­ත්‍යයේ පුරෝ­ගාමී චරි­තය ලෙස ද සැලකේ. අචෙ­බේගේ පළමු නව­ක­තාව වූ ‘තින්ග්ස් පෝල් එපාට්’ ප්‍රබ­න්ධ­යට පාදක වන්නේ නයි­ජී­රි­යාවේ සමාජ කුල­ක­යක් බට­හිර සාංස්කෘ­තික ආක්‍ර­ම­ණ­යට එරෙ­හිව ගෙන යන ක්‍රියා­දා­ම­යකි. සාම්ප්‍ර­දා­යික ගම දියු­ණු­වට පත් කරන්නේ කෙසේ ද? ගමේ උරු­ම­යන් සුර­ක්ෂිත කර­ගන්නේ කෙසේ ද? යන ගැට­ලුව ආසි­යා­වට හා අප්‍රි­කා­වට පොදු ගැට­ලු­වක් සේ සැලැ­කිය හැකි ය.

යට­ත්වි­ජි­ත­වා­ද­යෙන් පසු අප්‍රි­කානු හා ආසි­යානු සමා­ජ­වල ඇති වූ සමාජ පරි­ව­ර්ත­නය හා සාංස්කෘ­තික වෙන­ස්කම් නව­ක­තා­ක­රු­වන්ගේ විශේෂ සැලැ­කි­ල්ලට ලක්විය. එහිලා කැපී­පෙ­නුණු කරුණු කිහි­ප­යක් ගැන සඳ­හන් කළ හැකිය.

(I) ග්‍රාමීය පරි­ස­රය ශීඝ්‍ර‍ෙ­යන් නාග­රී­ක­ර­ණ­යට ලක්වීම, ගැමි උරු­මය විනා­ශ­වීම, නාග­රී­ක­ර­ණයේ අනිටු විපාක හා මානව වටි­නා­කම් වෙන­ස්වීම.

(II) නව පාලක පන්ති බිහි­වීම, ප්‍රභූ පන්තියේ පරි­ව­ර්ත­නය, නව ආර්ථි­ක­යක් ස්ථාපිත වීම, කුල ක්‍රමය ක්‍රියා­ත්මක වීම හා ජාත්‍ය­න්ත­රයේ බල­පෑම් වෙනත් ආකා­ර­ය­කින් ක්‍රියා­ත්මක වීම

(III) අධ්‍යා­ප­නයේ වෙන­ස්වීම, විවිධ ලබ්ධීන් පැති­ර­යෑම හා සමා­ජයේ හර පද්ධ­තීන් වෙන­ස්වීම

ලතින් අමෙ­රි­කානු රට­වල දී ස්පාඤ්ඤ භාෂා­වෙන් ද අප්‍රි­කානු හා ආසි­යානු සමා­ජ­වල දී ඉංග්‍රීසි භාෂා­වෙන් ද මේ කතා බහුල ව රචනා වී ඇත. ශ්‍රී ලංකා­වේදී සිංහල භාෂා­වෙන් රචනා වූ සැලැ­කිය යුතු ප්‍රබන්ධ සංඛ්‍යා­වක් ද මීට එකතු විය යුතුය. ඒවා අන්ත­ර්ජා­තික සමාජ වෙතට ගියේ නැති වුව සාහිත්‍ය වටි­නා­ක­ම්ව­ලින් ඉහළ තත්ත්ව­යක පැවැ­තිණි. “ගම්පෙ­ර­ළිය”, “පෙත්සම”, “අක්කර පහ” වැනි නව­කතා ඉන්දි­යාව තුළ­වත් ප්‍රච­ලිත වූයේ නම්; අපේ නව­ක­තාවේ අගය අන්ත­ර්ජා­තික තත්ත්ව­යට යනු ඇත.

යට­ත්වි­ජි­ත­වා­ද­යෙන් බැට කෑ රාජ්‍ය­යන්හි සුබ-සාධ­නය සඳහා යම් කැප­වී­මක් කළ හා දැනට ද යම් අව­ධා­න­ය­කින් ක්‍රියා­ක­රන අන්ත­ර්ජා­තික සංවි­ධා­න­යක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩ­ලය හැඳි­න්විය හැකිය. 1960 ගණ­න්වල දී ආසි­යාවේ හා අප්‍රි­කාවේ දුප්පත් රට­වල ග්‍රාමීය සංව­ර්ධ­නය සඳහා මේ ආය­ත­නය විශේෂ අව­ධා­න­යක් යොමු කර තිබිණි. ඒ කාල පරි­ච්ඡේ­දය තුළ ග්‍රාමීය සංව­ර්ධ­න­යට අදාළ වැද­ගත් පර්යේ­ෂණ ගණ­නා­වක් හා පුහුණු කිරීමේ වැඩ­ස­ට­හන් ගණ­නා­වක් ද පොදු රාජ්‍ය මණ්ඩ­ලය සිදු­කර තිබේ. ඒවා­යෙහි හිත­කර බල­පෑම් ශ්‍රී ලංකාව තුළ ද දැක­ගත හැකි විය. ඉහත කී සිදු­වීම් පිළි­බඳ නිරී­ක්ෂ­ණ­යක යෙදුණු කතු­ව­රයා ද ඒවා ද උප­යෝගී කර­ග­නි­මින් සිය කතාව ගොඩ­නඟා ඇති බව පෙනෙයි. සාක­ල්‍ය‍ෙ­යන් ගත් කල ඔහුගේ අව­ධා­නය යොමු වූ වැද­ගත් සාධක කිහි­ප­යක් තිබේ.

(I) ග්‍රාම සංව­ර්ධ­නයේ දී හෝ පොදුවේ සමාජ වෙන­ස්වී­ම්ව­ලදී පවුල නමැති සාධ­කය හා එම පවුලේ සමා­ජික- සාමා­ජි­කා­වන්ගේ චර්යා රටා කොත­රම් බල­පෑ­ම්කාරී වන්නේ ද යන වග

(II) ගම හා ගමේ ඇත්තන්ගේ වෙන­ස්වීම් කෙරෙහි ඉඩම් ඇතුළු අනෙ­කුත් සම්පත් භාවිත වන ආකා­රය හා ඒවා කොත­රම් වැද­ගත් ද යන්න නිරී­ක්ෂ­ණය කිරීම

(III) සමස්ත නාට­කය තුළ සංකීර්ණ චරිත නිර්මා­ණය කිරීම, චරි­ත­වල තමා කෙරෙ­හිම බල­ප­ව­ත්වන ප්‍රති – විරෝ­ධතා කෙරෙහි පවා කතු­ව­ර­යාගේ අව­ධා­නය යොමු වී ඇත.

(IV) කතු­ව­රයා සත්‍ය සිදු­වීම් පද­නම් කර­ගෙන සිය රච­නාව ගොඩ­න­ඟන බවක් පෙනෙයි. විශ්ව­ස­නීය බව මුළු කතාව පුරා ම රැඳී ඇත. ඔහු සමාජ යථා­ර්ථය නිරූ­ප­ණය කරන බවක් පෙනෙයි.

(V) සම­ස්ත­යක් ලෙස ගත් කල ජීවි­තයේ යථා­ර්ථය පිළි­බඳ පාඩ­මක් ද, සමාජ චල­න­යන් පිළි­බඳ වට­හා­ගැ­නී­මක් ද මේ කතාව ඔස්සේ ලබා­ගත හැකිය.

ග්‍රාමීය දරි­ද්‍ර­තාව හා එම දරි­ද්‍ර­තා­වට එරෙ­හිව ගැමියා සංවි­ධා­න­ගත වී සටන් කිරීම සම්බ­න්ධ­යෙන් ඕනෑ­ත­රම් කතා ලියැවී ඇත. ඇතැම් කතා අඳෝනා වගේය. ඇතැම් කතා විප්ල­වීය සටන් මාර්ග­යක සට­හන් බඳුය. බොහෝ කතා­වල දුර්ව­ල­තාව නම් ඒවා­යෙහි ඇති ව්‍යාජ හා කෘත්‍රිම ස්වභා­ව­යයි. දයා­නන්ද තිරි­මාන්න ඉතා පරි­ස්ස­මෙන් සිය කතාව ගොඩ­නඟා චරිත අව්‍යාජ ලෙස හසු­ර­වන අතර අපූරු පසු­බිම් නිරූ­ප­ණ­යක ද යෙදෙයි.

“සුද්දාගේ වත්තේ බෑවුම දිගේ පැමිණ වෙලට බට තාත්තා නියර දිගේ ඇවිත් අපේ ගමත් – වෙලත් වෙන් කරන දිය ඇළට බැස ඇඟ­පත දොවා­ගෙන පඳුරු අත­රින් ගෙව­ත්තට ගොඩ­විය.”

(පිටුව – 07)

අව්‍යාජ ගමක් හා එහි සුවි­ශේෂ චරි­ත­යක් කතාව ආර­ම්භයේ දී ම පාඨ­කයා හමුවේ පෙනී සිටින්නේ ආක­ර්ෂ­ණ­යක් සහි­ත­වය. පාඨක ආක­ර්ෂ­ණය ප්‍රබ­න්ධ­යක මූලික ලක්ෂ­ණ­යක් වන්නේය. කතාව විකා­ශ­නය වන්නේ ගමේ සුවි­ශේෂී පවු­ලක් කේන්ද්‍ර කර­ගෙ­නය. එම පවුල ගිරංගේ පවුල ලෙස හැඳින්වේ. එහි තාත්තා හා ලොකු පුතා අතර හබ­යක් පවතී. කතු­ව­රයා එය නිරූ­ප­ණය කරන්නේ සංය­ම­ය­කින් යුතු­වය.

“පුරු­ද්ද­කට කුලී වැඩ නොක­ළත්, තාත්තා බොහෝ දින­වල වැඩට ගියේ ඔය කියන වත්තට ය. එය සුද්දෙ­කු­ගේය. අයියා කලෙක සිට සුද්දාගේ වත්ත උඩින් අපේ ගමට පාරක් ඉල්ලයි. සුද්දාගේ වත්ත මැදින් වැටී ඇති අඩි පාර­වල් දිගේ ගොස් වත්තට ඔබ්බෙන් ඇති ගුරු­පා­රට ගොඩ වී නග­ර­යට හෝ අපේ පාස­ලට හෝ පහ­සු­වෙන් යා හැකි වේ…. ”

(පිටුව – 09)

තාත්තාගේ හා ලොකු පුතාගේ හබය පර­ම්පරා දෙකක ගැටුම මනාව නිරූ­ප­ණය කරයි. මෙහි එන තාත්තාට ඇත්තේ වහල් මාන­සි­ක­ත්ව­යකි. ඔහු සුද්දාගේ සූරා­කෑම හා කොල්ල­කෑම නොද­කියි.

“ලොකු එකා වලි­කෑ­වාට අපට ඕව අයිති නෑ. අනෙක ඔය සල්ලි ඇතෑ ඌට ඉඩම් ගන්ඩ ”

තාත්තා කියයි.

(පිටුව – 23)

“ඌ එහෙම කිව්ව ද? මට සුද්දා ළඟ හෑල්ලු වෙන්ඩ ?”

(පිටුව – 24)

කතු­ව­රයා පර­ම්පරා දෙකක ගැටුම නිරූ­ප­ණය කළ ද ලේබල් චරිත නිරූ­ප­ණ­යක යෙදෙන්නේ නැත. තාත්තා සුද්දාට ගැති­කම් කරන්නේ වුව සුද්දාගේ වත්ත වෙන්දේසි කර­න­විට ඔහු තුළ ඇත්තේ යම් සතු­ටකි. ඔහු ද ලොකු පුතාට ඉඩම් කෑල්ලක් ලබා දීමට ඇත්නම් යැයි කල්පනා කරයි.

එදා කුල ක්‍රමය ක්‍රියා­ත්මක වූ ආකා­රය පිළි­බඳ ඉඟි­යක් පොතට ඇතු­ළත් කර ඇත්තේ සූක්ෂ්ම ලෙස ය.

“ලොකු මහ­ත්ත­යාගේ පළමු ප්‍රශ්නය වූයේ අපේ ගම ගැන විම­සීම ය. එහි අරුත මට පැහැ­දිලි වූයේ පසු­වය. ගමේ නම අසා ඇත්තේ කුල­ගොත් විම­සී­ම­ටය. එදින කාල වේලා බොහෝ ගත වී තිබූ බැවින් ගල්ලෑලි, පොත් ද රැගෙන පසු­වදා එන ලෙස ඉස්කෝල මහ­ත්තා­ගෙන් අණ ලැබිණි. ”

(පිටුව – 43)

“අපේ බාල මල්ලීගේ නම හේවා පේඩිගේ පිය­දාස බව දැන­ගත්තේ අම්මා බොලෝඤ්ඤ මහ­ත්ත­යාට නම කියන විටදී ය. ගමේ හැමෝම පාහේ එකි­නෙකා හඳු­න්වන්නේ නම් කෑල්ල­කිනි. කූපන් පොත්වල වුව ද ඇත්තේ එච්.පී.ගිරා, අගා ඔබියා, ඇගී, රොයි දා වැනි නම් ය.”

(පිටුව – 43)

ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය, ආග­මික ව්‍යාප්තිය හා ආර්ථික පරි­ව­ර්තන ඇතුළු සමාජ චලන බොහො­ම­යක් පිළි­බඳ සත්‍ය තොර­තුරු කතා­වට ඇතු­ළත්ය. ඒ අර්ථ­යෙන් ගත් කල සමාජ ක්‍රම – විකා­ශය ගැන හදා­රන විද්‍යා­ර්ථි­ය­කුට වුව මේ කතා­වෙන් බොහෝ ප්‍රයෝ­ජන ගත හැකිය.

කතා­වට මීට වඩා යටි අරුත් සහිත ආක­ර්ෂ­ණ­යෙන් යුතු නමක් යොදා ගත්තේ නම් වටි­නා­කම වැඩිය. කතු­ව­ර­යාගේ භාෂා භාවි­තය දියුණු නැත.