බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රියේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට බොරැල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙම වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවී නොමැති අතර වෙඩි තැබීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකර ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
