
බංග්ලාදේශය සමඟ පැවති එක් දින ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තුන්වෙනි එක් දින තරගය ලකුණු 99 කින් ජයගැනීමත් සමඟයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 285 ක් රැස් කලා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් තම හයවැනි එක්දින ශතකය වර්තා කිරීමට සමත් වුණා.
පන්දු 114කදී ඔහු ලකුණු 124 ක් රැස් කලා.
කුසල්ගේ ඉනිමට 4 පහර 18 ක් ඇතුලත්.
ඔහුට අනගි සහයක් ලබා දුන් නායක චරිත් අසලංක ලකුණු 58 ක් රැස් කලා.
පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 39.4 කදී සියලු ක්‍රිඩකියින් දැවී රැස්කිරීමට හැකි වුනේ ලකුණු 186 ක් පමණයි.
තවුහිද් හ්‍රිදෝයි ලකුණු 51 ක් රැස් කලා.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්තා.
දුනිත් වෙල්ලාලගේ සහ වනිදු හසරංග අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.