හරක් කටාගේ නඩුවක් විභාගයට ගැනේ

Judge and gavel in courtroom

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණා. 

කොළඹ මහාධිකරණ විනිසුරු  ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා.

මෙම නඩු විභාගය සඳහා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා නැමැති විත්තිකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. 

මෙහිදී රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ සාක්ෂි සටහන කර ගැනීම සිදුවුණා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 01 වනදා තෙක් කල් තැබුණා