
ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව පැවති බස්නාහිර පළාත් කායවර්ධන තරගාවලියේදී කිලෝග්‍රෑම් 75 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ලේක්හවුස් ක්‍රීඩා සමාජයේ එල්.පී.අයි. උදය සමත් විය.
ලේක්හවුස් ආයතනයේ ගිණුම් අංශයේ සේවය කරන උදය අඛණ්ඩව තෙවැනි වරටත් රන් පදක්කම දිනා ගැනීමට සමත් වීම කැපීපෙනෙන සිදුවීමක් විය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ තරගාවලිය හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති අතර, මේ සඳහා බරපන්ති 9ක් යටතේ ක්‍රීඩකයෝ රැසක් එක්ව සිටියහ.