
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද අයිසීසී ජූනි මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම් සමත් විය.
මේ සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ පැතුම් නිශ්ශංක සහ දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා ද ඇතුළත්ව සිටියහ.
ඔස්ට්‍රේලියාවට එරෙහිව ලෝඩ්ස්හිදී පැවති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ වීරයා වෙමින් දකුණු අප්‍රිකාවට ශූරතාව දිනා දීම සඳහා දැක්වූ තුන් ඉරියව් දස්කම් මත මාක්රම්ට මේ සම්මානය හිමිවිය.
ජූනි මාසයේ අයිසීසී ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හේලි මැතිව්ස් තේරී පත් වූවාය. මේ සඳහා කොදෙව් කණ්ඩායමේම අෆී ෆ්ලෙචර් සහ දකුණු අප්‍රිකාවේ ටස්මින් බ්‍රිට්ස් නම් කර තිබිණි.