ඇෆ්ගනිස්ථානයෙන් 4500ක් එක්සත් රාජධානියට

ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 4500 දෙනෙකු පමණ එක්සත් රාජධානියට අනවසරයෙන් සංක්‍රමණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. 

බ්‍රිතාන්‍ය නිලධාරියෙකුගේ අත්වැරදීමකින් එම තොරතුරු හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ. 

2022 වසරේ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු මෙම සංක්‍රමණ සිදුව තිබෙනවා.  ඒ අනුව, එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට ඉල්ලීම් කළ දහනවදහසකට ආසන්න පිරිසකගේ පෞද්ගලික තොරතුරු බ්‍රිතාන්‍ය රජය සතුව පවතින බවයි වාර්තා වන්නේ. 

එලෙස සංක්‍රමණය වූ පිරිස අතර තලේබාන් සංවිධානයට අයත් පුද්ගලයින් සිටිනවාද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සදහන් කරනවා. 

ඇෆ්ගනිස්ථානුවන්ගේ සංක්‍රමණ පිළිබඳ බ්‍රිතාන්‍ය රජය රහසිගත විමර්ශනයක් සිදු කිරීමට සූදානමින් සිටියදී එරට අධිකරණ තීන්දුවක් මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.