ලොරි රථයකට යටවී දෙදරු පියෙකු ජීවීතක්ෂයට පත්වේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිගුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ හිගුරක්ගොඩ මයිල ගස් හංදිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ රාත්‍රී 11ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස අවාසනාවන්ත අන්දමින් රිය අනතුරට ලක්ව මිය ගොස් ඇත්තේ හිගුරක්ගොඩ ආර්.බී. එක ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 52ක දෙදරු පියෙකි.

මිය ගිය පුද්ගලයා හිගුරක්ගොඩ ප්‍රදේශයේ සිට සිය මිතුරන් පිරිසක් සමග කලහගල ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සයකට ලොරි රථයකින් ගමන් කර ආපසු නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ පිටුපස තට්ටුවේ ඇන්ද උඩ ගමන් කර ඇති මෙම පුද්ගලයා ලොරි රථයේ රියදුරු විසින් එම ප්‍රදේශයේ පැවති වංගුවකින් ලොරි රථය පැදවීමේදී ඔහු ගමන් ගත් ලොරි රථයේ පිටුපස රෝද වලට යටවී බරපතල තුවා ලබා ඇත.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයේ ලොරි රථයේ ගමන් ගත් අනිත් පිරිස විසින් ප්‍රතිකාර සදහා වහා හිගුරක්ගොඩ මුලික රෝහලට ඇතුලත් කලද ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටීයී.

මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු හිගුරක්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දින හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය හිගුරක්ගොඩ මූලික රෝහලේ තබා ඇති අතර මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු හිගුරක්ගොඩ පොලිස් රථ වාහන අංශය විසින් සිදු කරගෙන යනු ලබයි.