අයිලන්තයේ ගිනිකන්දක් පුපුරායාමත් සමඟ කිලෝමීටරයක පමණ දුර ප්‍රමාණයක් දක්වා එහි ලාවා ගලා යමින් පවතින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෑත වසරවල එහි ගිනි කඳු සක්‍රිය වීම් ආශ්‍රිත නවතම අවස්ථාව මෙයයි.
2021 වසරේදි අයිස්ලන්තයේ “රේක්ජාවික්” අගනුවර ආසන්නයේ පිහිටි ගිනි කඳු පද්ධතිය යළි සක්‍රිය වීමෙන් පසු එරට ගිනි කඳු පිපිරීම් 12 ක් පමණ සිදුව ඇති බව විද්‍යාඥයින් පවසනවා.
අගනුවර ආසන්නයේ ඊයේ යළි ගිනි කන්දක් පුපුරා යාමෙන් ලාවා ගලා යාම ආරම්භ වී ඇති බව බලධාරීන් පවසනවා.
එහිදි මීටර 700 ත්, මීටර දහසත් අතර දිග ප්‍රමාණයකින් යුත් පෘථිවි පෘෂ්ඨය මත ලාවා ගලා යාමේ පැල්මක් නිර්මාණය වී ඇති බව අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය පෙන්වා දෙනවා.
“ග්‍රින්ඩාවික්” නගරයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අයිස්ලන්තයේ ගිනි කඳු කලාපයෙහි මෙවැනි ගිනි කඳු පිපිරීම් දශක ගණනාවක් හෝ සියවස් ගණනාවක් පැවතිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
