ඊයේ (18) දින උදෑසන කාලයේදී පොතුවිල් වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී පොලිසිය විසින් බේරාගෙන තිබෙනවා.
ඒ එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා ආරුගම්බේ කඳවුරේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින්.
ඔවුන් දෙදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු භාරකරුවන්ට භාර දී ඇත.
මෙලෙස අනතුරට ලත්ව ඇත්තේ අවුරුදු 22 හා 23 වයස්වල පසුවන සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
