නේපාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ගෘහස්ථව රැදී සිටින ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා.
එම අමාත්‍යාංශය පවසන්නේ, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරින් පැය 24 ක් පුරාම (+977 – 985 104 86 53) දුරකථනය ඔස්සේ සමබන්ධ කර ගත හැකි බවයි.
එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට ජලය සහ වියළි ආහාර මෙන්ම, අත්‍යවශ්‍ය ඖෂධ සෑමවිටම ළඟ තබා ගන්නා ලෙසද, උපදෙස් ලබා දී තිබෙනවා.
පවතින තත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරනවා.
මේ අතර, ලුම්බිනිය වන්දනාව සඳහා නේපාලය බලා ගොස් සිටි ශ්‍රී ලාංකීය වන්දනාකරුවන් 73 දෙනෙකු මේ වන විට ඉන්දියාවට ඇතුළුවීම සඳහා නේපාල දේශ සීමාවේ රැඳී සිටින බවත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරින්, ඔවුන් සමග නිරන්තර සම්බන්ධතාවයෙන් සිටින බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයේ දැක්වෙනවා.
