ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා සිය ආර්යාව සමඟ මෙම සංචාරයට එක්ව ඇත්තේ චාල්ස් රජුගේ ආරාධනයකට අනුවයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයේ පළමු යුරෝපා සංචාරය ලෙසයි මෙය සැලකෙන්නේ.

ඔවුන් අද වින්ඩ්සර් මාළිගයේ පැවැත්වෙන රාජකීය උත්සවයට සහභාගි වනු ඇති.

එහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ ආර්යාව, චාල්ස් රජු හා කැමිලා ආර්යාව හමුවීමටද නියමිතයි.

වෙළෙඳ ගනුදෙනු කිහිපයක් සහ අමෙරිකානු ඩොලර් බිලියන ගණනක තාක්ෂණික ආයෝජනයක් මෙහිදි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.