ඉරාකයේ 18 වැනි වාර්ෂික මිදි සහ මී පැණි උත්සවය මෙවර එරට ඩුහොක් නගරයේ පැවැත්වුණා. මෙම උත්සවය නැරඹීමට තිස් දහසක පමණ පිරිසක් පැමිණ සිටි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම උත්සවයේදී ගොවින් 50 කුට අයිති මිදි, මී පැණි, වියළි පලතුරු සහ අනෙකුත් දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරුණා. ඩුහොක්හි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අහමඩ් ජමිල් පැවසුවේ, උත්සවය අතරතුර මිදි ටොන් 30 ක්, මී පැණි ටොන් 2.1 ක් සහ වියළි පලතුරු ටොන් 1.7 ක්, පැමිණි සිටි පිරිසට අලෙවි කළ බවයි.
පෙර වසරවලට වඩා උත්සවය ඉතා සාර්ථක බවත්, වැඩි සංචාරකයින් පිරිසකගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකිවූ බවත් සංවිධායකයින් පවසනවා.
