නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කඩා වැටී ස්වාමින් වහන්සේලා හත් නමක් අපවත් වෙති

හදිසි අනතුරකින් ස්වාමින් වහන්සේලා හත් නමක් අපවත්වී හය නමක් තුවාල ලබා තිබෙනවා.

පන්සියගම පොලිස් වසමේ නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ස්වාමීන්වහන්සේලා 13 නමක් ඊයේ (24) දින රාත්‍රී කාලයේ ගමන් ගත් ඩක්කුවක් හදිසි අනතුරට ලක්ව ඇත.

අනතුරින් සියළුම ස්වාමීන්වහන්සේලා බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී ස්වාමීන් වහන්සේලා 07 නමක් අපවත් වී ඇත.

අපවත්වූ ස්වාමීන් වහන්සේලා අවුරුදු‍ 27ත් 47 ත් අතර වයස්වල පසුවූ රුමේනියා, රුසියානු, ඉන්දියානු හා ශ්‍රී ලංකා ජාතික ස්වාමීන් වහන්සේලා වේ.

බරපතල තත්ත්වයේ කුරුණෑගල රෝහලේ ප්‍රථිකාර ලබන සියලුම ස්වාමීන් වහන්සේලා ශ්‍රී ලංකා ජාතිකයින් වන අතර පන්සියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.