අනුරාධපුර – ඇල්ල හරහා කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව – මොරගොඩ ප්‍රදේශයේ අද අලුයම සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව හතරදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ 6 දෙනෙකු සිට ඇති බවයි, පොලිසිය පවසන්නේ.
තුවාල ලැබූවන් අතර ලොරි රථයේ රියදුරා ද වනවා. ඔවුන් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.
වෑන් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි, මූලික පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ. තලාව පොලිසිය විමර්ශන සිදු කරනවා.
