ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ, අවසන් මහා තරගය අද ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැත්වෙනවා.
ආසියානු කුසලාන අවසන් මහා තරගයක් සඳහා මෙම කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00 ට.
මෙවර තරගාවලියේ මූලික වටයේදී සහ සුපිරි කණ්ඩායම් 4 වටයේදී, ඉන්දියාව සහ පකිස්තානය තරගවැදුණා.
එම තරග දෙකෙන්ම ජය ගැනීමට සමත් වුණේ ඉන්දීය කණ්ඩායමයි. මෙතෙක් දෙරට අතර පවත්වා ඇති 20 – 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව 15 ක්.
ඉන් තරග 11 ක් ඉන්දියාවත් තරග 3 ක් පකිස්තානයත් ජයගත්තා. එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වී තිබෙනවා.
මේ දක්වා ආසියානු කුසලාන ක්‍රිකට් කිරුළ වැඩිම අවස්ථාවකදී ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.
ඔවුන් 8 වරක් එම ශූරතාව හිමි කරගෙන තිබෙනවා. අවසන් තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන පකිස්තානය, අවස්ථා දෙකකදී ආසියානු ක්‍රිකට් කිරුළ හිමිකර ගත්තා.
අද අවසන් තරගයේදී ඉන්දියාව සූර්යකුමාර් යාදේව්ගේ නායකත්වයෙන් සහ පාකිස්තානය සල්මන් අග්හාගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිතයි.
