රන් කොල්ලයට 02ක් කොටු

කොල්ලකෑම් වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025.09.20 වන දින ගණේමුල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාලව මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 සහ 20 වයස් වල පසුවන කැන්දලියද්දපාලුව, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදි මොවුන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ උණු කර සකස් කරන ලද ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 350 ක් සහ ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 15 ක් බර රන් කැබලි දෙකක් ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇත.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.