එක්සත් ජාතීන්ගේ සම්බාධක යළි පැනවීමත් සමග සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින ගෝලීය පීඩනය, තවදුරටත් උත්සන්න නොකරන ලෙස, ඉරානය අනතුරු අඟවනවා.
2015 වසරේ සන්ධිස්ථානීය ලෙස ඇති කරගත් අන්තර්ජාතික ගිවිසුමක් යටතේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සම්බාධක ඉවත් කිරීමෙන් දශකයකට පසු ජගත් සංවිධානය විසින් ඉරානය වෙත ඊයේ පුළුල් ආර්ථික හා හමුදාමය සම්බාධක යළි පනවනු ලැබුවා.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉකුත් සතියේ අවධාරණය කළේ, න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමට තම රටට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
අන්තර්ජාතික සම්බාධක යළි පැනවීම අසාධාරණ බව පවසමින්, ඉරාන ජනාධිපතිවරයා එම සම්බාධක නීති විරෝධී බව ද ප්‍රකාශ කළා.
ඉරානය වෙත ඊයේ යළි පනවන ලද එක්සත් ජාතීන්ගේ පුළුල් ආර්ථික හා හමුදාමය සම්බාධක පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල් ඉරානයෙන් ඉල්ලා සිටියේ, න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ ගෝලීය පීඩනය උත්සන්න වන අයුරින් ක්‍රියා නොකරන ලෙසයි.
