කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට

ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද ඉන්දියාව බලා පිටත්ව ගියා.

තරගාවලිය ආරම්භ කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ගුහාටි හිදී ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් තරගය නොවැම්බර් මස දෙවැනිදා පැවැත්වෙනවා.

තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව තරග 7කට සහභාගීවනවා. ඉන් තරග 5ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන්නේ, කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන්.