මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කිරීම හා බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025.07.18 වන දින දෙහිවල දුම්රියපොල අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමක් සහ බරපතල තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) දින සවස් කාලයේ දෙහිවල, බස් නැවතුම්පොල අසලදී ඉහත සඳහන් අපරාධය සිදු කිරීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කල සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක්, කඩු 05 ක් සහ කිනිස්සක් සමඟ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 34 ක් වන සීවලි පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.