2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ටී-46 කාණ්ඩයේ මීටර 1500 පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි සමත් වුණා.
තරගාවලිය, ඉන්දියාවේ නවදිල්ලි හිදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි ටී-46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව නිම කළේ මිනිත්තු 3 යි තත්පර 53 යි දශම 7 යි 7 කින්.
මිනිත්තු 3 යි තත්පර 53 යි දශම 2 යි 6 කින් තරගය නිම කළ පැරා ධඡය යටතේ එක්ව සිටි ක්‍රීඩකයෙක් මෙහි රන් පදක්කම දිනාගත්තා.
රිදී පදක්කම හිමිකරගනු ලැබුවේ ප්‍රංශ ක්‍රීඩකයෙකු විසින්.
