
රෝහිත් ෂර්මා වෙනුවට ඉන්දියාවේ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශුබ්මන් ගිල් පත් කර ඇත.
ඒ ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ එක්දින කණ්ඩායමේ නායක ලෙස ශුබ්මන් ගිල් කටයුතු කරනු ලැබේ.
එක්දින (තරග 3) හා විස්සයි20 (තරග 5) තරගාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස දී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිතර වේ. මෙම තරගාවලියේ දී රෝහිත් ෂර්මා පිතිකරුවෙකු ලෙස එක්දින සංචිතයට තෝරාගෙන ඇතැයි වාර්තාවේ.
ඒ අනුව, ටෙස්ට් සහ විස්සයි20 කණ්ඩායම්වල ද නායකත්වය දරා ඇති ගිල් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන පළමු තරගාවලිය මෙය වනු ඇත.