
අමෙරිකාවේ 250 වැනි නිදහස් දිනය යෙදී ඇති ලබන වසරේ ජූලි 4 වැනිදාට එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් ඩොලරයේ සමරු කාසියක් නිකුත් කිරීමට අවධානය යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ඩොලරයේ කාසියේ එක් මුහුණතක ජනාධිපතිවරයාගේ පැතිකඩ රුවක්ද, අනෙක් මුහුණතෙහි ඔහු පසුගිය වසරේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැලියකදී ඝාතන ප්‍රයත්නයකින් ජීවිතය බේරා ගැනීමෙන් පසු ජනතාව හමුවේ පෙනී සිටි ආකාරය දැක්වෙන ආකෘතියක් ද සටහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එහිදී ඔහු දෑත ඔසවා ‘සටන් කරමු’ යැයි කළ ප්‍රකාශය ද කාසියේ සටහන් කර ඇතැයි වාර්තා වේ.
මාධ්‍යයට නිකුත් වූ එම කාසියේ රූ සටහන් සත්‍යය බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තහවුරු කළද, එරට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව බලයේ සිටින හෝ මෑතකදී මියගිය ජනාධිපතිවරයකුගේ රුව කාසියක සටහන් කිරීමට නොහැකි බැවින් අදාළ සමරු කාසිය නිකුත් කරන්නේදැයි මෙතෙක් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තීරණය කර නොමැති බව ද වාර්තා වේ.