එවරස්ට් හි ටිබෙට් බෑවුම් කඳුවලල්ලේ හටගෙන ඇති හිම කුණාටුවක සිරවී සිටින කදු නගින්නන් 200කට වැඩි පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
අති දුෂ්කර වාතාවරණයක වුවද ඔවුන් සියලුදෙනා සම්බන්ධ කර ගැනීමට මේ වනවිට බලධාරින්ට හැකිවි ඇති බවයි චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර සිටින්නේ.
මාධ්‍ය වාර්තාවලට අනුව පවතින දැඩි හිම කුණාටු තත්වය හේතුවෙන් ජිවිත අවදානමට ලක්ව සිටි 350 ක් පමණ කඳුනගින්නන් බේරා ගැනීමටත්, ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා හෙලිකොප්ටර් ආධාරයෙන් ගෙනයෑමටත් බලධාරින්ට මේ වනවිට හැකි වී තිබෙනවා.
චීනයේ දින 8 ක ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, සතිඅන්තයේ එවරස්ට් කන්ද තරණය කිරීමට බොහෝ පිරිසක් නැගෙනහිර පිවිසුමෙන් ගමන් කොට තිබෙනවා.
ටිබෙට් නිම්නයේ කඳු නගින සිය ගණනක් සංචාරකයින් මෙම දැඩි හිමපතනයට හසුව ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
