ප්රංශයේ දේශපාලන අර්බුද තවත් උත්සන්න කරමින් බලයට පත් වී මසක පමණ කාලයකින් ප්රංශ අගමැති සෙබස්තියන් ලෙකොර්නු ඉල්ලා අස්වී තිබෙනවා.
සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව අදහස් දක්වමින් ප්රංශ අග්රාමාත්යවරයා ප්රකාශ කර සිටියේ, පවතින වාතාවරණය ඔහුට සිය ධුරයේ රැඳී සිටීමට උචිත නොවන බවයි.
පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ, 2026 දී එළඹෙන අයවැය සහ රජයේ ප්රතිපත්ති සම්බන්ධව සම්මුතියකට එළඹීමට නොහැකි වීම පිළිබඳව ඔහු, විපක්ෂ දේශපාලන කණ්ඩායම් දැඩිව විවේචනය කර තිබෙනවා.
ප්රංශ ජනපති එමැනුවෙල් මැක්රොන් සමග එලීසී මාලිගයේ පැයක පමණ කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව, ඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපති මැක්රොන් වෙත දැනුම් දී ඇත.
ඉකුත් මාසයේදී හිටපු අග්රාමාත්ය ෆුන්සුවා බේරු සිය ධුරයෙන් ඉවත් වීමෙන් පසු සෙබස්තියන් ලෝකෝනු පත් වුණා.
එහෙත් ඔහු සිය ධුරයේ කටයුතු කළේ දින 26 ක කෙටි කාලයක් පමණයි.
ප්රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්රොන් යටතේ වසර 2 කටත් අඩු කාලයකදී පත් වූ පස් වැනි අග්රාමාත්යවරයා වූයේ, සෙබස්තියන් ලෝකෝනු යි.
