අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කැබිනට් 3ක් නියෝජ්‍ය 10ක්

2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අනුව අද උදේ ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිත බවයි, වාර්තා වන්නේ.