නව කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව, බිමල් නිරෝෂණ රත්නායක මහතා , ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, අනුර කරුණාතිලක මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමත්‍යවරයා ලෙසත් හා සුසිල් රණසිංහ මහතා නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දීමට නියමිතයි. 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
