සොරකම් රැසකට අවශ්‍ය සැකකරුවෙකු අත්අඩංගුවට

සොරකම් රැසකට අවශ්‍ය කරන සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) දින උදෑසන මොරටුව, කුරුස හන්දිය ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිපධාරින්ට ලද තොරතුරකට අනුව දේපල සොරකමට සැකපිට රන් මාලයක් සහ පසුම්බියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ‌ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී ඔහු සන්තකයේ තිබූ රන් මාලය හා පසුම්බිය මොරටුව පොලිස් වසමේදී සොරකම් කරන ලද්දක් බවට අනාවරණය වී ඇත.

තවද මොහු පිළියන්දල, පෑලියගොඩ, මහබාගේ, නාරාහේන්පිට සහ වැලිකඩ යන පොලිස් වසම්වල සිදුකරන ලද සොරකම් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බවට අනාවරණය වී ඇති අතර සොරාගන්නා ලද කරාඹු ජෝඩුවක්, අත් පළඳනාවක්, මුදු දෙකක්, රන්මාලයක්, ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 30ක් බර රන් කැබලි 04ක් අත් ඔරලෝසු 03ක් සහ රුපියල් 7000/=ක් විමර්ශන නිලධාරින් විසින් ‌සොයා ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.