ගල්කිස්ස, සිල්වෙස්ට මාර්ගයට හැරෙන හන්දිය අසලදී මැයි (05) දින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබුණා.
එම අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන සිදුකරමින් පවතියි.
ඒ අනුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මෙම අපරාධය සඳහා ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (12) දහවල් කාලයේදී ගල්කිස්ස පොලිස් වසමේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන ගල්කිස්ස හා දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන්.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
