
තායිලන්තයේ මහා වජිර ලෝංකෝන් රජු චීනයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා. චීනයට පැමිණි පළමු තායිලන්ත රාජ්‍ය නායකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනවා.
තායිලන්ත රජු අද චීනයට පැමිණියා. ඒ චීන ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුවයි. චීනය සහ තායිලන්තය අතර රාජතාන්ත්‍රික සබඳතා වලට පනස් වසරක් පිරීමට සමගාමීව මෙම සංචාරය සිදුවනවා. ඔහු පිළිගැනීම සඳහා චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ පිරිසක් ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා. චීන ජනාධිපති ෂී ජින් පින් අද උදෑසන තායිලන්ත රජු පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබුණා. චීනය සහ තායිලන්තය අතර ඉතා ශක්තිමත් ආර්ථික සහ රාජතාන්ත්‍රික සබඳතාවක් පවතිනවා. දෙපාර්ශ්වය නිරන්තරයෙන් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද සහයෝගයෙන් කටයුතු කරනවා. තායිලන්ත රාජ්‍ය නායකයාගේ චීන සංචාරයෙන් මෙම සබඳතාවය වඩාත් ශක්තිමත් වනු ඇති බවයි විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.