
අමෙරිකානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් බිබිසී වැඩසටහනකදී ප්රචාරය වූ වීඩියෝ පටයක්ස ම්බන්ධයෙන් බී බී සී ආයතනය ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරයාගෙන් සමාව අයැද තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා ඉල්ලා ඇති වන්දිය ගෙවීම බී බී සී ආයතනය විසින් ප්රතික්ෂේප කර තිබෙනවා.
2021 වසරේ ජනාධිපතිවරයාගේ ප්රකාශයක් වැරදි අර්ථයක් ලැබෙන සේ සංස්කරණය කර බී බී සී පැනොරාමා වැඩසටහනේ ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා වන්දි ඉල්ලා සිටියා. ට්රම්ප්ගේ නීතිඥවරු කියා සිටියේ බී බී සී ආයතනය සමාව අයැද එය ඉල්ලා අස්කරගෙන ඔහුට වන්දි ගෙවීමක් සිදුකරන ලෙසයි. එසේ නොකරන්නේ නම් ඩොලර් බිලියන 1 ක වන්දියක් ඉල්ලා නීතිමය ක්රියාමාර්ග ගන්නා බවයි ඔහුගේ නීතිඥවරුන් පවසා සිටියේ. මේ සිද්ධියට අදාළව බී බී සී හි අධ්යක්ෂ ජනරාල්වරයා සහ ප්රවෘත්ති ප්රධානි පසුගියදා ඉල්ලා අස්වුණා.