“සෙමෙරු” පුපුරයි

ඉන්දුනීසියාවේ “සෙමෙරු” ගිනි කන්ද පුපුරා ගොස් ඇති බව බලධාරීන් පවසනවා.

කිලෝ මීටර 2 ක් දක්වා ඉහළට එම ගිනි කන්දෙන් අලු සහිත ඝණ දුමාරයක් නිකුත් වන බවයි සඳහන්‍‍ වන්නේ.

“සෙමෙරු” ගිනිකන්ද ඉන්දුනීසියානු “ජාවා” දූපතෙහි උසම කන්ද ලෙස සැ‍ලකෙනවා.

ගිනි කන්ද පුපුරා යාමෙන් නිකුත් වන ඝණ දුමාරයෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයක්ම වැසී ගොසින්.

එරට බලධාරීන් පෙන්වා දෙන්නේ, ගිනි කන්ද අද දස වරක් පමණ පුපුරා ගොස් ඇති බවයි.

කිලෝ මීටර 13 ක පමණ දුරක් දක්වා ලාවා ගලා යාම නිසා අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

ගිනි කන්ද ආශ්‍රිත අවදානම් ප්‍රදේශවලින් නවසියයකට වැඩි පිරිසක් කඩිනමින් ඉවත් කර අවසන්.

“සෙමෙරු” ගිනි කන්ද පුපුරා යාම නිසා අතරමංව සිටි කඳු නගින්නන් 170 දෙනෙකු ආරක්‍ෂිතව මුදා ගැනීමට හැකි වූ බව, ඉන්දුනීසියානු බලධාරීන් පවසනවා.

මීටර 3,676 ක උසින් යුත් “සෙමෙරු” ගිනි කන්ද, ඉන්දුනීසායාවේ සක්‍රීය ගිනි කඳු 130 න් එකක්.