වයස අවුරුදු 16 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් ?

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම, එළඹෙන දෙසැම්බර් 10 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

එම තහනමට පෙර “ඉන්ස්ටර්ග්‍රෑම්” – “ෆේස්බුක්” සහ ‍”ත්‍රෙඩ්ස්” යන සමාජ මාධ්‍ය හිමි මෙටා සමාගම එම පරිශීලකයින්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසා දැමීමට, පියවර ගනිමින් සිටියා.

“මෙටා” සමාගම ඕස්ට්‍රේලියාවේ අවුරුදු 13 ත් 15 ත් අතර වයස් කාණ්ඩයේ යැයි අනුමාන කෙරෙන උක්ත සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ගිණුම් දෙසැම්බර් 4 වැනිදා සිට අක්‍රීය කරන බව‍ට කෙටි පණිවිඩ හා විද්‍යුත් තැපෑල මගින් දැනුම් දෙමින් සිටි බව, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

එළඹෙන දෙසැම්බර් 10 වැනිදා සිට ඕස්ට්‍රේලියාව තුළ බලාත්මක වීමට නියමිත මෙම සමාජ මාධ්‍ය තහනම, ටික් ටොක්, යූටියුබ්, එක්ස් සහ රෙඩිට් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා ගණනාවකට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් කියා සිටියේ, මෙම තහනම මගින් දරුවන්ට, දරුවන් ලෙස ජීවත්වීමට ඉඩ සැලසීම අරමුණ බවයි.

අවුරුදු 13 ත් 15 ත් අතර වයස් කාණ්ඩයේ ෆේස් බුක් පරිශීලකයින් එක්ලක්‍ෂ පනස් දහසක් සහ “ඉන්ස්ටග්‍රෑම්” පරිශීලකයින් තුන්ලක්‍ෂ පනස් දහසක් සිටින බවට එරට බලධාරීන් මේ වනවිට ඇස්තමේන්තු කර තිබෙනවා.