කඳුකරය මීදුමෙන් වැසෙයි

දිවයින පුරා බලපැවැත්වෙන කාලගුණය මධ්‍යයේ මධ්‍යම කඳුකරයේ ස්ථාන රැසකට අද (23) උදෑසන ඝන මීදුම් තත්වයක් දක්නට ලැබුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳපොළ, රාගල, වලපනේ, පදියපැලැල්ල, හඟුරන්කෙත ආදී ප්‍රදේශ රැසකට මෙම තත්ත්වය දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය අද රාත්‍රී වනතුරු පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා අංශ අනාවරණය කරනවා.