එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
එම තරගය දින 2 ක් ඇතුළත අවසන් වීම විශේෂත්වයක්.
තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය, පළමු ඉනිමට ලකුණු 172 ක් රැස්කළා.
හැරී බෲක් ලකුණු 52 යි. පන්දු යැවීමේදී මිචෙල් ස්ටක්, කඩුලු 7 ක් දවාගත්තා.
ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට ලබාගත් ලකුණු සංඛ්‍යාව 132 ක්.
එංගලන්තය දෙවන ඉනිම සඳහා ලකුණු 164 ක් ලබාගත්තා. තරගය ජයගැනීම සඳහා ඕස්ට්‍රේලියාවට හිමි වූ ඉලක්කය, ලකුණු 205 ක්.
ඔවුන් කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 123 යි.
