රඹුක්කන – මාවනැල්ල මාර්ගයේ තලගොල්ල ප්රදේශයේ දී ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගය හරහා ගමන් ගන්නා සියළුම රියදුරන් හා මහජනතාව විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
