අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වෙයි

අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් විසින් තීරණය කර තිබෙනවා.

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත දැනුම්දීමට නියමිතයි.