මීටියාගොඩ වෙඩි තැබීමකට සම්බන්ධ 2ක් හෙරොයින් සමඟ කොටු

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025.11.28 වන දින මීටියාගොඩ පොලිස් වසමේදී පුද්ගලයෙකුට පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (02) දින කුරුවිට පොලිස් වසමේදී ඉහත අපරාධයේ වෙඩික්කරු හට අපරාධය සිදු කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දෙමින් ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 40 ක් සමග අත් අඩංගුවට ගෙන මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකාරිය වයස අවුරුදු 27 ක් වන හෙන්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරු වයස අවුරුදු 41 ක් වන උණවටුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.