චීන රජයෙන් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාර සහ යුවාන් මිලියන 10 ක හදිසි සහන සැපයුම් ලබා දී තිබෙනවා.
මීට අමතරව චීන රතු කුරුස සංගමය හරහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය වෙත අමෙරිකානු ඩොලර් 100,000 ක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ සිටින චීන ව්‍යවසායකයන් සහ පුරවැසියන්ට අවශ්‍ය සහන කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 10 ක් පරිත්‍යාග කළ බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසනවා.
මෙම පරිත්‍යාග ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වෙත භාර දුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය පැවසුවේ.
චීනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු ලෙස දැක්වූ මෙම සහයෝගය ඉතා අගය කොට සලකන බව අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනය සිය සංවේගය ද එම අවස්ථාවේ දී පළකර ඇත.
