මල් කැකුළක් මිලින කළ මාරක අනතුර

වැලිපැන්න පොලිස් වසමේ අළුත්ගම මතුගම මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේදී ඊයේ (25) දින සවස් කාලයේ මතුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු, පසු පැදිකාරිය ලෙස සිටි ඔහුගේ බිරිඳ සහ දැරිය තුවාල ලබා දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දැරිය මියගොස් තිබෙනවා.

මිය ගිය දැරිය වයස අවුරුදු 03 ක් වූ මතුගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

යතුරුපැදිකරු හා පසු පැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත මාරුකර යවා ඇත.

මෘත ශරීරය දර්ගා නගරයේ රජයේ රෝහලේ තැන්පත් කර ඇත. කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.