කිරිඳි ඔය අවට ජනතාවට දැනුම්දීමක්

වැල්ලවාය – අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමඟ වැල්ලවාය – අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා.

එම තත්වයත් සමඟ මේ වන විට අලිකොට ආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩිය බැගින් විවෘත කර ඇති අතර එම ජල පහර කිරිඳිඔයට මුදා හැරීම නිසා මේ වන විට කිරිදිඔයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

එම නිසා කිරිදි ඔය දෙපස සහ කිරිදිඔය භාවිතයට ගන්නා ජනතාව අවධානයෙන් සිටින ලෙසට මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය දැනුම් දෙනවා.